දේශබන්දුට විශේෂ ආරක්ෂාවක් සපයයි!

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ නියෝග මත විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට පොලිස්පතිවරයා පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටින බව සඳහන්.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව පසුගිය පෙබරවාරි 27 වැනි දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 8ක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර එම නියෝගයෙන් දින 20කට පසු පසුගිය 19 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව ඔහුව 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ අතර එදින ඔහුගේ ඇප ඉල්ලීම සලකා බලමින් අධිකරණය තීන්දු කළේ ඇප ලබා දීමට නොහැකි බවයි.

ඒ අනුව ඔහුව එළඹෙන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ අතර ඔහුට විශේෂා ආරක්ෂාවක් සැපයීමටද බන්ධනාගර අධිකාරී වෙත නියෝග කර තිබේ.

සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ සෙසු සැකකරුවන් 06 දෙනා ද අධිකරණයට භාර වූ අතර ඔවුන්ට ඇප හිමි විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...