කවීශට පස්වන තැන – අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගනියි

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 22, (LNW)කොළඹ

ජාත්‍යන්තර ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 60 කඩුලු ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ කවීශ බණ්ඩාර මූලික තරගයේදී පස්වන තැනට පත් වුණා.එහෙත්හ ඔහුට තව දුරටත් එම ඉසව්වේ දස්කම් දැක්වීමට අවස්ථාවක් හිමිවෙමින් වාර්තා කළ කාලය අනුව අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වුණා.
තරගයේ ආරම්භක කොටසේදී හොද ආරම්භයක් සමඟ සෙසු තරගකරුවන්ට අභියෝගයක් එල්ල කරන්නට ලාබාල කවීශ සමත් වුණත්,අත්දැකීම් සහිත තරගකරුවන් සමඟ එම තත්ත්වය දිගින් දිගටම රඳවා ගන්නට කවීශ අසමත් වුණා.තරගයේ හොදම ආරම්භක ප්‍රතික්‍රියා කාලය වාර්තා කර තිබුණේද කවීශයි.

අවසාන කඩුලු දෙකම ඔහුගේ ධාවනයට බාධාවක් වෙමින් පය පැටලී බිදී ගිය අතර ඔහුගේ පෞද්ගලික හොදම කාලය මෙන්ජාතික වාර්තාවද වන තත්පර 7.80 වෙනුවට ඔහුගෙන් වාර්තා වූ කාලය තත්පර 7.87 ක් ලෙස සඳහන් වුණා.


කෙසේ නමුත් වයස සමඟ සළකද්දී මේ තරගාවලිය තුළ ශ්‍රී ලංකාවට හිමි හොදම අනාගත ආයෝජනය කවීශ බණ්ඩාර ලෙස හැදින්විය හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...