ගාසාහි එකම පිළිකා ප්‍රතිකාර රෝහලත් ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශයි!

කොළඹ LNW:ගාසා තීරයේ පැවති එකම විශේෂ පිළිකා රෝහල ඊශ්‍රායල ප්‍රහාර වලින් විනාශ වී ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහලක් ලෙස එය ඉදිකර තිබෙන අතර එයට අනුග්‍රහය දක්වා ඇත්තේ තුර්කි සහයෝගිතා සහ සම්බන්ධීකරණ ඒජන්සිය විසිනි.

එම රෝහලේ ඉදිකිරීම් 2011 දී ආරම්භ වී තිබෙන අතර 2017 දී එහි ඉදිකිරීම් අවසන් කර තිබේ. ඩොලර් මිලියන 70 ක වියදමින් නිම කර ඇති එම රෝහල ගාසා තීරයේ විශාලතම වෛද්‍ය පහසුකම් සහිත රෝහල ලෙස සලකනු ලැබූ අතර එහි මුළු අභ්‍යන්තර ඉඩ ප්‍රමාණය වර්ග මීටර් 33,400 (වර්ග අඩි 359,514) ක් ලෙස දැක්වෙයි.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගාසා තීරයේ පිළිගත් එකම රෝහල එය වූ අතර වසරකට පුද්ගලයින් 30,000 කට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඊට තිබී ඇත.

එවැනි රෝහලක් විනාශ කිරීම භයානක අපරාධයක් ලෙස ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

කෙසේවෙතත් සටන් විරාමය උල්ලංඝනය කරමින් මේ වන විට ඊශ්‍රායලය කටයුතු කරමින් හිඳින අතර ගෙවුණු සතියේ එල්ල වුණු ප්‍රහාරවලින් දරුවන් 200ක් සහ කාන්තාවන් 110කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණි.

ඒ අනුව ඊශ්‍රායලය ඉතා මිලේච්ජ ලෙස ගාසාව සම්බන්ධයෙන් හැසිරෙන ආකාරයක් පෙන්නුම් කරමින් තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරිසියේ ආදර කතාවට අවසන් තිත? Emily in Paris හයවැනි කතා සමයෙන් ග්‍රීසියට සහ මොනාකෝවට අලුත් සංචාරයක්!

විලාසිතා ලෝකයේ අලංකාරය, ආදරයේ මිහිරියාව, මිත්‍රත්වයේ වටිනාකම වගේම ජීවිතයේ...

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරලා : ඇයි අපිට ඒක ගැන ප්‍රශ්න කරන්න තහනම් ද? විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 14, කොළඹ LNW: ජනාධිපතිවරයා සභාවට පැමිණ අයවැය යෝජනා රජයේ...

අලි – මිනිස් ගැටුමට උත්තර හොයන්න AI එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි...