පොහොට්ටුවෙන් ඉවත්වූ ප්‍රින්ස් ගුණසේකර ‘ටීවී ලකුණින් එයි !

0
1740

රෂිකා හෙන්නායක මාර්තු 23, කොළඹ (LNW):

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මාධ්‍යවේදී ප්‍රින්ස් ගුණසේකර මහතා ‘‍පොහොට්ටුව‘ පක්ෂයෙන් ඉවත්වී මෙවර පළාත් පාලන මැතිවරණයට ‘ටීවී එක‘ ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමකින් නාමයෝජනා භාර දෙයි. 1994 සිට වසර 31ක කාලයක් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ අපරාජිත මන්ත්‍රීවරයකු ලෙස සිටින ඒ මහතා පසුගිය අරගලය සමයේ සිඳුවූ පහරදීම ‍හෙලා දකිමින් පක්ෂ දේශපාලන‍යෙන් ඉවත් විය.

“ තරුණයින්ට පහරදීමත් සමඟ මා පොහොට්ටුවෙන් ඉවත් වුණා. පසුගිය පාලන කාලයේදී මට සභාපති තනතුර හිමිවිය යුතු වුවත් වසර දෙකින් ‍දෙකට එය ලබාදෙන බව පවසා ජනතාව මුලා කළා. සුදුස්සන්ට නොසලකන පක්ෂයක තව දුරටත් නොසිටින ලෙස බල ප්‍රදේශයේ ජීවත්වන ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගේ ඉල්ලීම මා කළා. ඒ නිසා ම‍ේ නායකත්වයෙන් ඉතාම දක්ෂ කණ්ඩායමක් ‘ටීවී එක‘ ලකුණින් ඉදිරිපත් වෙනවා. බල ප්‍රදේශයේ සෑම තැනකින්ම ලැබෙන ඡන්ද කණ්ඩායමට ලැ‍බෙනවා. ස්වාදීන කණ්ඩායමක් නිසා සියලු දෙනාට ඡන්දයක් දෙන්න පුළුවන්“ ප්‍රින්ස් ගුණසේකර මහතා පැවැසීය.