දේශබන්දුගෙන් ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 23, කොළඹ (LNW):

දේශබන්දු තෙන්නකෝන් විසින්, නිවසින් ආහාර ලබාගැනීමට සිදුකළ ඉල්ලීම සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවසින් ආහාර ලබාදෙන ලෙස සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

තමාගේ ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉල්ලීමක් සිදුකර ඇති බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව, අදාළ ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර,අදාළ කරුණ සැලකිල්ලට ගනිමින් දේශබන්දු තෙන්නකෝන් මහතාට බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාදීමට ඇති හැකියාව  සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...