සෝයුරනි, “ලස්සනද දැන් ජීවිතය ….??”

Date:

විහිළුවකටත් සිනා නොමසෙන
සුළු විහිළුවක් කළෝතින්
අති බැරෑරුම් වෙස්ගෙන
“මෙහි ඇති වරද කිම ?” විමසන
පැරණි හිත මිතුරන්ද හමුවෙයි
“රට කොරවනා” වෛරසය වැළඳුණ ….

එක පත බෙදා කන
අතර වපුරමින් කතා කට කැඩුණ
හුස්මත් හිරවී තුරුම ඉළ ඇදෙන
සිනාසුණු මතක ඇත
තවමත් පොසිල නොමවුණ

වළඳනු පමණ දැන
කොතෙක් කීවත් නොඅසන
බලයේ මධු බඳුන
පොළවේ ගසන කිනම් හෝ දින
ආයෙත් හමුවුණොත් කිනම් හෝ තැන
පැතුමක් තියේ තව නොවියැකුණ
සුපුරුදු ලෙසින් බදාගෙන හිනැහෙන

ඒ එහෙම තිබියදිම,

විසාලා කොටහේන පුරවර
කාක නම් දූව අසබඩ
අවි පෙන්නුම් නාටකය කෙළවර
පසා කරගත් හදවත
සැකකාරයින් දෙදෙනෙකු අබියස
අඩ දැණින් වැටීගෙන
උන් පපු කුහරයෙන් අතට ගත් රුධිරයෙන්
ලියා අවසන් කරමි මේ කව
ජුදාස් ඉස්කාරියොත් වන මම
එකම එක පැනයක් විමසමින

සෝයුරනි,
“ලස්සනද දැන් ජීවිතය ….??”

~ රුවන් නෙලූ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...