දිවයිනේ තැනින් තැන මතුවන ගිනි අවි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ (LNW):

සමනලවැව පොලිස් වසමේ මීගහකඳුර ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී, සමනලවැව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 65 හැවිරිදි බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.මේ අතර නිවිතිගල පොලීසිය විසින් ගොඩඋඩවත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පොලීසිය පැවසුවේ, එම සැකකරු 67ත් හැවිරිදි නිවිතිගල, වටාපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි .

නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් ආඩියාවත්ත ප්‍රදේශයේ සිදුකල තවත් වැටලීමකදී මෙරට නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ ටී – 56 වර්ගයේ පතොරම් දෙකක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු 25 හැවිරිදි මාපලගම – මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවේය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සේරුනුවර, සිරිමංගලපුර සහ පුදුකුඩිඉරිප්පු, කුරුවිල් ප්‍රදේශවල සිදුකල වැටලීම්වලදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...