වසර 5කට පමණ පෙර නිකුත් කළ කඩදාසි හැඳුනුම්පතට විසඳුමක් නැද්ද?

Date:

රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ (LNW):

මීට වසර 5කට පමණ පෙර ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කළ සිය දරුවන්ට මෙතෙක් එම හැඳුනුම්පත ලැබී නොමැති බව ඇතැම් දරුවන්ගේ මව්පියන් චෝදනා කර සිටී.

ඔවුන් පෙන්වා දුන්නේ, සිය දරුවන් තවදුරටත් භාවිත කරනු ලබන්නේ ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කිරීමේදී ලබාදුන් සහතික කරන ලද තාවකාලික හැඳුනුම්පත් සහතිකයක් බවයි. ඔවුන් පවසන්නේ, වසර පහක පමණ කාලයක සිට භාවිත කරන එම තාවකාලික හැඳුනුම්පත් සහතිකය ද මේ වන විට භාවිත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවයි.

මේ හේතුවෙන් සිය දරුවන් මුහුණදෙන ප්‍රායෝගික ගැටළු කිහිපයක් පිළිබඳ එම ගැටළුවට මුහුණ දී සිටින දරුවන්ගේ දෙමව්පියන් පවසන අතර, මෙවැනි ගැටළුවලට මුහුණ පා සිටින සිය දරුවන්ට ජාතික හැඳුනුම්පත ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස, එම මව්පියන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...