වසර 5කට පමණ පෙර නිකුත් කළ කඩදාසි හැඳුනුම්පතට විසඳුමක් නැද්ද?

Date:

රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ (LNW):

මීට වසර 5කට පමණ පෙර ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කළ සිය දරුවන්ට මෙතෙක් එම හැඳුනුම්පත ලැබී නොමැති බව ඇතැම් දරුවන්ගේ මව්පියන් චෝදනා කර සිටී.

ඔවුන් පෙන්වා දුන්නේ, සිය දරුවන් තවදුරටත් භාවිත කරනු ලබන්නේ ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කිරීමේදී ලබාදුන් සහතික කරන ලද තාවකාලික හැඳුනුම්පත් සහතිකයක් බවයි. ඔවුන් පවසන්නේ, වසර පහක පමණ කාලයක සිට භාවිත කරන එම තාවකාලික හැඳුනුම්පත් සහතිකය ද මේ වන විට භාවිත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවයි.

මේ හේතුවෙන් සිය දරුවන් මුහුණදෙන ප්‍රායෝගික ගැටළු කිහිපයක් පිළිබඳ එම ගැටළුවට මුහුණ දී සිටින දරුවන්ගේ දෙමව්පියන් පවසන අතර, මෙවැනි ගැටළුවලට මුහුණ පා සිටින සිය දරුවන්ට ජාතික හැඳුනුම්පත ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස, එම මව්පියන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...