බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඇරඹේ

කොළඹ LNW:බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඊයේ (25) දකුණු චීනයේ Hainan පළාතේදී ආරම්භ වුණා. රටවල් හා කලාප 60කට වැඩි සංඛ්‍යාවකින් පැමිණි දෙස්-විදෙස් නියෝජිතයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සමුළුවට එක්ව සිටිනවා.

මෙවර එහි තේමාව “ගෝලීය විපර්යාස හමුවේ ආසියාවට අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම” යන්නයි.

අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව, එකමුතුවෙන් සහ සහයෝගයෙන් කටයුතු කරමින් දුෂ්කරතා ජය ගැනීමේ ප්‍රබල සංඥාවක් මෙවර වාර්ෂික සමුළුව හරහා ජගත් ප්‍රජාව වෙත ලබා දීමට බලාපොරොත්තු වන බව බෝ ආඕ ආසියානු සංසදයේ මහා ලේකම් Zhang Jun මහතා මාධ්‍ය හමුවේදී පැවසුවා.

එමෙන්ම “ආසියාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ඒකීයකරණ ක්‍රියාවලිය පිළිබඳ 2025 වාර්ෂික වාර්තාව” සහ “දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ආසියාවේ හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ 2025 වාර්ෂික වාර්තාව” යන වැදගත් වාර්තා දෙකක් ද මෙම මාධ්‍ය හමුවේදී නිකුත් කෙරුණා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...