බලශක්ති ව්‍යාපෘතිවල ගිවිසුම් වෙනස් කිරීම ප්‍රශ්නයක්.අපි හරියට කරලා තියෙන්නේ – රනිල්

Date:

කොළඹ LNW:බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

විදෙස් ආයෝජන සම්බන්ධයෙන් වන විශ්වාසයේ පළුදු වීමක් සිදුවිය හැකි බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

ඔහු මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් රචිත “ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

අදානි සමාගම සමඟ ඉදිරිකිරීමට යෝජිත සුළං බලාගාරයේ මිල ගණන් වෙනස් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, “එකඟවුණාට පස්සේ කඩන්න බෑ. ආණ්ඩුව යළිත් හිතලා බලන්න ඕනේ මේ පියවර යන එක හරිද නැද්ද කියලා. ඒ පියවර ගන්න එක නවත්වන්න ඕනේ. නවත්තලා පරණ ක්‍රමවේදය අනුව යන්න ඕනේ. මේකෙන් විශාල දෙයක් වෙලා තියෙන්නේ අදානි ගිවිසුම. අදානි ගිවිසුම දිහා බලනවා නම් විශේෂයෙන්ම අදානි සමාගම සමග අපේ කොමිටියයි ඒ සමාගමයි සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරද්දි අගය පිළිබඳ මිනුම් දණ්ඩයක් අපි ඇති කළා. දෙන්න පුළුවන් අඩුම මිලයි දෙන්න පුළුවන් වැඩිම මිලයි. ඒක ඇතුළේ අපි කළේ. එකෙන් පිට පැන්නහම මොකද්ද හිතන්නේ ? අන්න එතැනයි තියෙන්නේ. විශේෂයෙන්ම ඒ එකඟත්වයට ආවේ ඇමෙරිකානු ශත 8.26ක. දැන් මේක මාරු කරද්දි කොහොම ද කරන්නේ ?” යනුවෙනි.

“මේ දවස්වල විශේෂයෙන්ම බලශක්ති සමාගම් සියල්ලන්ටම කියනවා තමන් එක්ක තිබුණ ගිවිසුම් අපි අත්සන් කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා, අන්තිම ගිවිසුම විතරයි අත්සන් කරන්න තිබුණේ. ඒ ගිවිසුම් සියල්ලම අලුතින් ගේන්න ඕනේ. තමන්ට කියනවා මිල අඩු කරන්න කියලා. තමන්ට කියනවා අලුත් ගිවිසුම්වලට එන්න. මේක පිටරට ගියාම අපේ ආයෝජකයෝ මොකක්ද හිතන්නේ ? මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නෑ. මෙතෙන තියෙන විශේෂ බලශක්ති යෝජනා බැලුවහම ඩොලර් බිලියන දෙකක් තුනක් තියෙනවා. එක එක විදියට තියෙනවා. බැටරි දාලා ගේන ඒවා, සුළඟින් කරන ඒවා තියෙනවා. කවුද මුදල් දාන්නේ. මම හිතන්නේ නෝර්වේ අරමුදලින් මුදල් දානවා. මේ අය ගෙනාවහම මේ මුදල්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. අපිට වඩා ලාභදායි විදියට අනෙක් තැන්වලට ගන්න පුළුවන්. මොකද අපේ තාම තියෙන අවදානම් තත්ත්වය ඉවත් වෙලා නෑ. ඒවා ඉවත් කරලා නෑ. ඒ නිසා අපිට වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙනවා.” යනුවෙන්ද වික්‍රමසිංහ මහතා තවදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...