රට අනුරට දුන්නේ කෙඳිරි ගාන්න නෙවෙයි.දැන් කරලා පෙන්වන්න – සජිත්

Date:

කොළඹ LNW:සුබ නැකැතින් රට අනුරට දීලා ජනතාව අන්ත දුක්ඛිත අන්ත දුෂ්කර ජීවිතයකට යොමු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද ගෙදරට ලැබෙන ආදායමේ වර්ධනයක් නැති වුවත් බඩු මිල අහස උසට වැඩි වී ජනතාව අමාරුවෙන් ජීවත් වන බවත් එදිනෙදා වේල් තුන අමාරුවෙන් පිරිමහගන්නා බවත් මේ රජය ජනතාව මත පීඩනය පැටවීමට කොතරම් දක්ෂද කිව්වොත් හාල් පොල් ආදී අත්‍යාවශ්‍ය ආහාර පානවල මිල ඉහළට නැංවී ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

ජනතාව ප්‍රශ්න රැසක ඉන්න විට රජය සහ රජයේ නියෝජිතයන් කෙදිරි ගාන බවද ඔහු පවසයි.

රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැති වී බරපතල බෙහෙත් හිගයක් පැවතීම ආදිය සිදුවන බවත් රෝහල් පද්ධතියේ බෙහෙත් නැති වීම බරපතල ගැටලුවක් බවත් බෙහෙත් නැතිව රෝගීන්ගේ ජීවිත බේරා ගන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිහෙතෙම කියාසිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුව අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක...

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට පුරා ග්‍රාමීය...

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...