තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි. දැනට අටයි !

Date:

රජයට අයත් ලංකා සීනි සමාගමේ සභාපති රුක්ෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම තනතුර සඳහා සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පත්කර ඇත.

රුක්ෂාන් ගුණතිලක මහතා ලංකා සීනි සමාගමේ සභාපතිවරයා වශයෙන් පත් කරන ලද්දේ 2024 ඔක්තෝබර් 14 වනදා ය.

ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමෙන් අනතුරුව පත්කරන ලද රාජ්‍ය ආයතන සභාපතිවරුන් අතරින් මීට පෙර හත්දෙනෙකු ඉල්ලා අස්වී තිබිණි.

ඒ, රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා, ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ මහතා සහ ජාතික ගමන ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව හමුවෙන්න ජනපති නුවරඑළියට යයි! (PHOTOS)

කොළඹ LNW:වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේ නාය...

75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : ශ්‍රී ලංකා...

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...