මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉන්දු/ලංකා නව ආරක්ෂක ගිවිසුමක් – ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි!

Date:

කොළඹ LNW:ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත විසින් එම වාර්තාව පළකර තිබෙන අතර එහි දක්වා ඇත්තේ එය 1980 ගණන්වල ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) මැදිහත්වීමෙන් පසු මෙම අංශයේ සබඳතාවල නැවුම්බව සනිටුහන් කරමින් ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා වන පියවරක් ලෙසයි.

පසුගිය දෙසැම්බරයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයෙන් ටික කලකට පසු මෙම ආරක්ෂක සහයෝගීතා ගිවිසුම සකස් කිරීම ආරම්භ කර තිබේ.

මෙම ගිවිසුම හරහා ඒකාබද්ධ අභ්‍යාස සහ සමුද්‍රීය නිරීක්ෂණ හරහා දෙරට සහයෝගීතාව තීව්‍ර කරමින් ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව ඉහළ නැංවීමට නියමිත බව සඳහන්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් ද එළිදැක්වීමට ද නියමිතය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම දෙපාර්ශ්වයටම සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට අවස්ථා ලබා දෙන අතර,නරේන්ද්‍ර මෝදී මහතාගේ මෙම සංචාරය ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ භෞතික, බලශක්ති සහ ඩිජිටල් සම්බන්ධතාවය ගැඹුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ තවදුරටත් සක්වෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ජා කෙරෙනු ඇතැයි එහි දැක්වෙයි.

ඒ අනුව එළඹෙන අප්‍රේල් 04 සිට 06 වැනිදා දක්වා වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මෙරට ආර්ථික,ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් විශාල සංවාදයක් ඇති වනු බවට අපේක්ෂා කළ හැකිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...