ඡන්දය දා රාජකාරිවලට රාජ්‍ය සේවකයින් දෙලක්ෂ 50,000ක් ?

Date:

රෂිකා හෙන්නායක මාර්තු 30 , කොළඹ (LNW):

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් සේවයේ යෙදීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.තවද දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් පමණ ස්ථාපිත කිරීමට සිදුවන බවද වාර්තා වේ.

ඒ අනුව බොහෝ ඡන්ද මධ්‍යස්ථානවලට රාජ්‍ය සේවකයන් දස දෙනෙකු බැගින් රාජකාරී සදහා යෙදවීමටද සැලසුම් කර ඇති බව පැවසේ. එවන් පසුබිමක් තුළ ඡන්ද පොළ රාජකාරී සඳහා අවම වශයෙන් රාජ්‍ය සේවකයන් එක් ලක්ෂ 30,000කට ආසන්න පිරිසක් යෙදවීමට සිදුවන බවද සඳහන් වේ.

මෙවර ඡන්ද ගණන් කිරීම සිදුවන්නේද ඡන්ද මධ්‍යස්ථාන තුළදී වන් අතර, එහෙත් කුඩා ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙට්ටි එක් මධ්‍යස්ථානයක් වෙත රැගෙනවිත් ගණන් කිරීමට නියමිතව තිබෙන බව වාර්තාවේ. ඒ පිළිබද  දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් තීරණය කරනු  ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැයි මස 06 වනදා 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

   

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...