මන්ත්‍රී චාමර සම්පත් ගැන බන්ධනාගාර වෛද්‍යවරුන්ගෙන් නිර්දේශයක්!

රෂිකා හෙන්නායක මාර්තු 30 , කොළඹ (LNW):

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට මෙට්ටයක් ලබා දීම යෝග්‍ය බවට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

පසුගියදා මන්ත්‍රීවරයා එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රැඳවීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකු විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පරික්‍ෂා කර තිබෙන බවත්,ඒ අනුව මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවුනද ඔහු බන්ධනාගාර රෝහලට මාරු කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බවට අදාළ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවයි වාර්තා වේ.

කෙසේවෙතත් ඔහුට පවතින අසනීප තත්ත්වය හේතුවෙන් මෙට්ටයක් ලබා දිය යුතු බවට නිර්දේශ කර තිබෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඉකුත් දා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව වෙනත් රැඳවියන්ට ලබාදෙන පහසුකම් එලෙසම මන්ත්‍රීවරයාටද ලබා දුන් බවද බන්ධනාගාර ආරංචි පැවසුවේය.        

ඒ අනුව කොට්ටයක්, පැදුරක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ලබා දී ඇත. 

බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ, තමන්ට පිටතින් රැගෙන එන ආහාරපාන ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පසුගියදා ඉල්ලීමක්ද කළ බවයි .   

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...