බදු හෝ කුලී ගිවිසුම්වල මුද්දර ගාස්තු සියයට සියයකින් වැඩි කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

යම් දේපළක් කුලියට හෝ බද්දට දීමේ ගිවිසුම් පත්‍ර සඳහා මුද්දර ගාස්තු 100% කින් වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

2025 අප්‍රේල් 01 වනදා සිට මෙම මුද්දර ගාස්තු වැඩිකිරීම බලාත්මක වන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ වනවිට නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය සඳහා අධි මිල ද ඇතුළුව කල් බද්ද හෝ කුලිය සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10ක මුද්දර ගාස්තුවක් මේ වනවිට අය කෙරෙන අතර එය එළඹෙන අප්‍රේල් 01 වනදා සිට රුපියල් 20ක් දක්වා වැඩිකෙරෙනු ඇත.

කෙසේවෙතත් පාරිභෝගික ණය පනතේ එළැඹ ඇති සින්නක්කර ගිවිසුමක් යටතේ ගෙවිය යුතු මුළු වටිනාකමෙහි සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා අය කරනු ලබන මුද්දර ගාස්තුව සංශෝධනය නොවන බවත් එය අඛණ්ඩවම රුපියල් 10 වශයෙන් ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...