කිරිපිටි මිල අද සිට ඉහළට. කිරි තේ කෝප්පයත් නගී. අනෙක් ආහාර ගැනත් අනතුරු හැඟවීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල 4.7% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් කටයුතු කිරීමත් සමග මෙසේ කිරි තේ කෝප්පයක මිලත් වැඩිකිරීමට සිදුවන බවයි.

“කිරිපිටි මිල පාලනයෙන් මිදිලා තියෙනවා. ඒක හින්දා අද රෑ 12.00න් පස්සේ අපි තීරණය කළා කිරිපිටි මිල ඉහළ යාමත් සමග කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන්න. උත්සව සමය පටන් ගත්තා විතරයි මේ. ඊයේ මාධ්‍ය හරහා යනවා ඇන්ටන් නිශාන්ත නමැති පුද්ගලයා කියනවා බිත්තර ගෙඩිය රුපියල් 35 කටවත් යන්න ඕනෙ ලු. ඇන්ටන් නිශාන්තට ඕනෙ විදියට වැඩ කරන්න නම් ආණ්ඩුවක් ඕනෙ නැහැනෙ. අමුද්‍රව්‍ය මිල අඩුකරලා දුන්නෙ නැත්නම් ආහාර මිල ඉහළ දැමීමකට යන්න වෙනවා නියත වශයෙන්ම. සහල් මිල පාලනයකට ආවෙ නැත්නම් ඉදිරි සතිය ඇතුළත නියත වශයෙන්ම ආහාර පාන මිල ඉහළ දැමීමකට යන්න සිදුවෙනවා”

සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (31) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර කිරි තේ වලට අමතරව කිරි යොදාගෙන සකස් කරන සියලුම බීම වර්ගවල මිල ගණන් සහ කිරි යොදාගෙන සකස් කරන වෙනත් ආහාරවර්ග කිහිපයක මිල ගණන් ද රුපියල් 10 කින් වැඩිකිරීමට කටයුතු කරන බව ස්වයං රැකියා වෙළඳ සංගම් ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ හිටපු ජනපති මහින්ද හිටපු ජනපතිගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...

ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...