රටේ මිනිස්සුන්ට දැනිලා තියෙන්නෙ අම්මටහුඩු මේ ආණ්ඩුව ලයින් එක්කට වැටිලා තියෙන්නෙ කියලා – මාලිමා සුරවීර

සටහන – රුවන් නෙළුගොල්ල

ඕනෑම දෙයක් කළ හැකි බව වර්තමාන ආණ්ඩුව ගතවූ මාස හය තුළ ඔප්පු කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

“ජනාධිපතිවරයාට මාස හයයි, ආණ්ඩුවට මාස හතරයි. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් කියන එක අපි ඔප්පු කරලා තියෙන්නෙ. ඒ නිසා පළාත් පාලන ආයතන අපට දෙන්න. සැකයක් හදාගන්න එපා. පරණ සෙට් එක එයි විවිධ ඥාතිකම් කියාගෙන, ඔබගෙ කකුල් දෙක ගාව ඇවිල්ලා වැඳලා ඡන්දෙ ඉල්ලයි. එහෙම පොරවල් ඈ …. මේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ සැකයක් නෑ, අපි තමා දිනන්නෙ. රටේ මිනිස්සුන්ට දැනිලා තියෙන්නෙ අම්මටහුඩු වර්තමාන ආණ්ඩුව ලයින් එක්කට වැටිලා තියෙන්නෙ කියලා”

දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 31) පැවති ජාජබ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...