මියන්මාරයට සහන දෙන්න රජයෙන් සැලසුම්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):

බුද්ධශාසන , ආගමික හා සංස්කෘත අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ මියන්මාරය සහ තායිලන්තයට බලපෑ භූ කම්පනය හේතුවෙන් දිවි අහිමි වූ සහ තුවාල ලැබූ සහ දේපළ විනාශ වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට අදාළවයි.

ඒ අනුව විපතට පත් ජනතාව සඳහා මෙරටින් යැවීමට නියමිත වියළි ආහාර, ඇඳුම් පැළඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය කඩිනමින් මියන්මාරයට සහ තායිලන්තයට ලබා දීමට රජය කඩිනමින් කටයුතු සූදානම් කර තිබෙන අතර, එම ආධාර විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ දැනටමත් එක්රැස් කරමින් පවතියි.

තවද එම නිවේදනයේ සඳහන් වන්නේ, අදාළ ආධාර නීත්‍යනුකූල පර්ශවයන්ට ලබා දීමට කටයුතු කරන ලෙසටයි.

පසුගියදා මියන්මාරයට බලපෑ රික්ටර් මාපක 7.7 ක භූ කම්පන තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2000ක් ඉක්මවයි.තවද 3400කට අධික පිරිසක් ඉන් තුවාල ලබා ඇති අතර විශාල පිරිසක් අතුරුදන්ව ඇත.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...