මියන්මාරයට සහන දෙන්න රජයෙන් සැලසුම්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):

බුද්ධශාසන , ආගමික හා සංස්කෘත අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ මියන්මාරය සහ තායිලන්තයට බලපෑ භූ කම්පනය හේතුවෙන් දිවි අහිමි වූ සහ තුවාල ලැබූ සහ දේපළ විනාශ වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට අදාළවයි.

ඒ අනුව විපතට පත් ජනතාව සඳහා මෙරටින් යැවීමට නියමිත වියළි ආහාර, ඇඳුම් පැළඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය කඩිනමින් මියන්මාරයට සහ තායිලන්තයට ලබා දීමට රජය කඩිනමින් කටයුතු සූදානම් කර තිබෙන අතර, එම ආධාර විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ දැනටමත් එක්රැස් කරමින් පවතියි.

තවද එම නිවේදනයේ සඳහන් වන්නේ, අදාළ ආධාර නීත්‍යනුකූල පර්ශවයන්ට ලබා දීමට කටයුතු කරන ලෙසටයි.

පසුගියදා මියන්මාරයට බලපෑ රික්ටර් මාපක 7.7 ක භූ කම්පන තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2000ක් ඉක්මවයි.තවද 3400කට අධික පිරිසක් ඉන් තුවාල ලබා ඇති අතර විශාල පිරිසක් අතුරුදන්ව ඇත.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...