හියුග්ස්ගේ මාරක වේගයට කොන්ත්‍රාත් නැත

නිශ්මං රණසිංහ අප්‍රේල් 02,කොළඹ LNW :

ඔස්ට්‍රේලියානු පිතිකරු පිලිප් හියුග්ස් මිය ගියේ ශේන් ඇබෝට් ගේ වේග පන්දුවක් හේතුවෙන්ය.2014 දී ඒ දේ සිඳුවන විට ශේන් ඇබෝට් යනු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු නොවීය.එම මරණයෙන් අනතුරුව ඔහු සිය මනස සකසා ගෙන එම වසරේදීම ඔස්ට්‍රේලියානු එක්දින තරග වරම් ලැබුවේය.

එතැන් සිට එක්දින තරග 28 සහ විස්සයි විස්ස තරග 20 ට ක්‍රීඩා කර තිබෙන ශේන් අබොට් වෙත 2025 – 2026 සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් අත්සන් කිරීමේ අවස්ථාව ලබා දී නැත.ඇබොට් පමණක් නොව තුන් ඉරියව් ක්‍රීඩක ආරොන් හාඩි සහ දඟ පන්දු යවන ක්‍රීඩක ටොඩ් මර්ෆි ද නැත.තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස නැඟී එමින් සිටින කූපර් කොනොලි ද එම ලැයිස්තුවට නැත.

අලුත් කොන්ත්‍රාත් ලැයිස්තුවේ 19 හැවිරිදි සෑම් කොන්ස්ටාස් මෙන්ම ශ්‍රී ලංකාවට 2-0 ක් වූ ටෙස්ට් තරගාවලි පරාජයක් අත් කර දෙක්ක මූලික වූ වමත් දඟ පන්දු යවන්නා වූ මැතිව් කුහ්නමන් ද සිටියි.මැතිව් 28 හැවිරිදිය.එසේම තුන් ඉරියව් ක්‍රීඩක බියු වෙබ්ස්ටර් ද කොන්ත්‍රාත් ලැයිස්තුවේ ඇති අතර ඔවුන් තිදෙනා ගැනම ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි උසස් බලාපොරොත්තු උපදවන කතාවන් පවසා ඇත.

කොන්ත්‍රාත් ගත නව ඔස්ට්‍රේලියානු සංචිතය පහත දැක්වෙන පරිදිය.

සේවියර් බාර්ට්ලට්, ස්කොට් බොලන්ඩ්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මැතිව් කුහ්නමන්, මාර්නස් ලැබුස්චේන්, නේතන් ලියොන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ලාන්ස් මොරිස්, ජේ රිචඩ්සන්, මැට් ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, බියු වෙබ්ස්ටර්, ඇඩම් සැම්පා

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...