ජනාධිපති ට්‍රම්ප් ලොව පුරා රටවලට තීරුබදු පනවයි; වෙළඳ යුද්ධය ඇරඹෙයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා ලෝකය පුරා සියලුම රටවල් වෙනුවෙන් නව බදු සංශෝධනයන් නිවේදනය කර තිබේ.

ඊයේ(02)දිනයේදී රෝස් ගාර්ඩන්හි දී ‘ඇමරිකාව නැවත ධනවත් කරන්න’ යන්න වෙනුවෙන් කැඳවා තිබු මාධ්‍ය සාකච්ජාවක් තුලදී ජනාධිපතිවරයා සියලුම රටවල් සඳහා 10%ක තීරු බද්දක් හා රටවල් 100ක් වෙනුවෙන් නව තීරුබදු මෙලෙස නිවේදනය කර තිබේ.

ඒ අනුව මුලික 10%ක තීරුබදු වලට එක්සත් රාජධානිය, සිංගප්පූරුව, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තුර්කිය, කොලොම්බියාව, ආර්ජන්ටිනාව, එල් සැල්වදෝරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය යන රටවල් ඇතුලත් වන අතර ඇමරිකානු ආර්ථිකය අඩපන කිරීමට තීරුබදු පැනවූ බවට සැලකෙන යුරෝපීය සංගමය 20%, චීනය: 54%, වියට්නාමය: 46%, තායිලන්තය: 36%, ජපානය: 24%, කාම්බෝජය: 49%, දකුණු අප්‍රිකාව: 30% ,තායිවානය: 32%, ශ්‍රී ලංකාව 44% යන රටවලට ඉහල තීරුබදු පනවා ඇත.

කෙසේ නමුත්, විධායක නියෝගයක් හරහා ජනාධිපති ට්‍රම්ප් පැනවූ ට්‍රම්ප්ගේ තීරුබදු ලොව පුරා ආර්ථික කම්පන තරංග යැවීමට සමත්ව ඇති අතර මෙම බදු අප්‍රේල් 3 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

සිය තීරුබදු නිවේදනයෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, දුර රටවල් හා සමීප රටවල් ඇමරිකාව මෙතෙක් සුරකාමට ලක්කළ බවත්, 2025 අප්‍රේල් 2 වන දින, ඇමරිකානු කර්මාන්තය නැවත ඉපදුණු දිනය ලෙස, ඇමරිකාවේ ඉරණම නැවත ලබා ගත් දිනය ලෙස සදහටම මතකයේ රැඳෙනු ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...