අද දේශබන්දු අධිකරණයට!

රෂිකා හෙන්නායක අප්‍රේල් 03, කොළඹ LNW :

අද (03) දින, රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇත.

පසුගිය 20 වැනිදා මාතර අධිකරණය විසින් ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ අතර, ඒ මාතර වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අනතුරුව වේ.