Trump ගේ බදු වැඩි කිරීම මෙරට ඇඟලුම් කඩාවැටෙයිද? – ධනනාත්ගෙන් පිළිතුරු

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 03,කොළඹ LNW :

ශ්‍රී ලංකාවට , අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදු හේතුවෙන්, මෙරට ඇඟලුම් කර්මාන්තයට බලපෑම් එල්ලවිය හැකි බව ආර්ථික විශ්ලේෂක, ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවට ලැබෙන ඇනවුම් ප්‍රමාණයද පහළ යාමේ අවදානමක් ඇති බවයි.

ඇඟලුම්වලට අමතරව රබර් සහ තේ ද ශ්‍රී ලංකාව විසින් අමෙරිකාවට අපනයනය කරන බවත් එම භාණ්ඩ කෙරෙහි අමෙරිකානුවන්ගේ ඉල්ලුම අඩු වුවහොත් එහි බලපෑමද ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බව මෙහිදී ප්‍රකාශ කෙරුණි .

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ගත් මෙම පියවර ලෝක ආර්ථිකයට කෙසේ බලපායිද?

අමෙරිකාව පනවා ඇති සියයට 44 බද්ද ශ්‍රී ලංකාවට දරාගත හැකිද?

අමෙරිකානු තීරු බදු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ තීරුබදු ප්‍රතිපත්තිය සහ ගෝලීය වෙළඳාම ශක්තිමත් කර ගැනීමට මෙමගින් අවස්ථාවක්ද උදා වී ඇති බව, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේය.

එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ. ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අවම බද්දක් පැනවීමටයි

බදු හේතුවෙන් බලපෑමට ලක්වන රටවල් සංඛ්‍යාව සියයකි .

ශ්‍රී ලංකාවටද සියයට 44ක බද්දක් පැනවූ අතර ශ්‍රී ලංකාව අයත් වන්නේ ඉහළම බදු අගයක් අය කරන රටවල් 05 අතරටයි.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ 2024 වර්ෂයේ අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ඩොලර් බිලියන තුනකට වැඩි භාණ්ඩ ලබාගෙන ඇති බවයි.

මේ වසරේ ජනවාරි මාසයේ පමණක් ලබාගෙන ඇති භාණ්ඩ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලිනය 346කට අධික වේ.

ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට වැඩියෙන්ම අපනයනය කරන්නේ ඇඟලුම් වීම තවත් විශේෂත්වයක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...