තරුණ කේන්තියේ ඊළඟ අදියර ….

Date:

අරගලය එක්ක සහ අරගලයෙන් පස්සේ ලංකාවේ තිබ්බේ විරෝධතා චන්දයක් කියල කිව්වොත් ගොඩක් නිවැරදියි කියල තමයි මට හිතෙන්නේ. මම ඒක මීට කලින් ලිපියක කිව්වා ලෝකය පුරාම මේ නව පරම්පරාව දක්වන කේන්තියේ චන්දයක් කියලත් ඒක නම් කරන්න පුළුවන් කියල.

පවත්නා ක්‍රමයට විරුද්ධව එක්කෝ නව ක්‍රමයක් ඔවුන් ඉල්ලනවා. නැත්නම් පවත්නා ක්‍රමයේ රැඩිකල් වෙනස්කම් ඉල්ලනවා. නව පරම්පරාවේ හඬ ඒ නව ක්‍රම වෙනස ඇතුලේ ඇසෙන තුරු ඔවුන් ඉදිරියට යන්න පුළුවන් කියන එක මෙතැනදී කියවෙනවා.

මේ හඬ තමන්ගේ ක්‍රම වෙනසක් දක්වා අරන් යන්න බංගලියෝ යම් තරමකට සමත්වෙලා තියනවා. කොහොමත් තවදුරටත් ඒක නිරීක්ෂණ කරන්න වෙනවා.

මේ ක්‍රම විරෝධී මනස තවමත් රටේ තියනවා කියල මට හිතෙනවා විතරක් නෙවෙයි ජාතික ජන බලවේගය ක්‍රම වෙනසක් අරන් එනවා වෙනුවට ක්‍රමයත් එක්ක වඩාත් අනුගත වෙන තත්වයක් පේනවා.

මේ ක්‍රම විරෝධී පරපුර ආයේ පැවති දේශපාලන වෙතට යන්නෙත් නැත්නම් ඊළඟට මොකක් වෙයිද?

කොහොම වුණත් පවතින තත්වයත් එක්ක තරුණ කේන්තියේ චන්දය නැවතත් සප්‍රාණික වෙන්න පුළුවන්. ඒ වාසිය ජන අරගල ව්‍යාපාරය වගේ එකක් ගනීද කියලත් හිතෙනවා.

සිතුවිල්ලක් විතරයි ….

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...

පින්නවල අලි අනාථාගාරයේදී ජාත්‍යන්තර අලි දිනය සැමරේ

සටහන - රුවන් නෙළුගොල්ල අගෝස්තු 12 වන දිනට යෙදී ඇති...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...