වේගෙ මදි කිව්වාට දැන් හිටපු ඇමතිවරු හතරක් ඇතුළේ, එකෙක් එළියෙ හොයාගන්න නෑ – ඇමති සමන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධයෙන් පසු ලැබුණු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ඔහු අවභාවිතා කළ නමුත් වර්තමානයේ ජාතික ජන බලවේගයට ලැබී ඇති තුනෙන් දෙකේ බලය තම රජය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් භාවිතා කරන බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“මහින්ද රාජපක්ෂට යුද්දෙන් පස්සෙ ආවා තුනෙන් දෙකේ බලයක්. ඒ බලය පාවිච්චි කරලා බොහෝ නරක වැඩ කළා. වංචා දූෂණ කළා. අම්මා අප්පාගෙ සොහොන් ගේ හැදුවෙත් රටේ ධනය යොදවලා. ඔන්න අපි තුනෙන් දෙක හසුරුවනවා බලාගන්න අප්‍රේල් 08 ඈ … මොකක්ද පාර්ලිමේන්තුවේ කරන්නෙ ? අලුත් පනතක් ගේනවා. රජයේ දේපළ, ජනතා මුදල්, මොනයම් හෝ දෙයක් පාවිච්චි කරලා යම් නිලධාරියෙක් හෝ දේශපාලනඥයෙක් අයුතු දේපළක් ගොඩනඟාගෙන තියෙනවා නම් රාජසන්තක කිරීමේ පනත අප්‍රේල් 08 තුනෙන් දෙකෙන් අපි සම්මත කරනවා. දැන් වේගෙ මදි කියන කට්ටිය එහෙම කිව්වාට දැන් බලන්නකෝ ඇමතිවරු හතරක් ඇතුළෙනෙ දැන්. ඔය හතරක් ඉන්නෙ. එකෙක් එළියෙ හොයාගන්න බෑ. පොලිස්පති කෙනෙක් ඇතුළෙ ඉන්නවා. මම දාපු පැමිණිල්ල 2016 ඌව පළාත් සභාවෙ වංචා දූෂණ සම්බන්ධයෙන් චාමරගෙ විභාග කළේ නෑ, දැන් ඒක විභාග වෙනවා”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ (අප්‍රේල් 03) වැලිමඩ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...