ඇමරිකානු බදු ප්‍රශ්නයෙන් ගැලවෙන්න කරන්න ඕන හොඳම දේ මෙන්න!

Date:

කොළඹ LNW:මේ මොහොතේ අපි කළ යුතු හොඳ ම දේ ඇමරිකාව සමග සාකච්ඡා කර, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කිරීමට නිර්මාණශීලී වීම යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසී ය.

ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක් වන අතර අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වන බවයි රවී කරුණානායක මහතා කියාසිටියේ.

”ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක්. මගේ අදහස ඉන්දියාව සමග ගනුදෙනු කිරීම නිසා ලංකාවට හොඳක් වෙනවා කියන එකයි. අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වෙනවා.ඇමරිකාව සමග පවතින වෙළඳාම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිත් තිබෙනවා. මෙතෙක් කාලයක් අපිට ගැටලුවක් තිබුනේ නෑ. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවට ස්තූතිවන්ත වෙනවා. නමුත් දැන් ඩොලන්ඩ් ට්‍රම්ප් ප්‍රතිගෝලීකරණයට තල්ලු වී තිබෙනවා. ඇමරිකාව සහ අපි අතර අපනයනය සහ ආනයනය අතර පරතරය වැඩි උනා. අපි ඇමරිකා භාණ්ඩ ගෙන්වනකොට ඇමරිකාවෙන් ම ගේන්න ඕන නෑ. වෙනත් රටවල් හරහා ගෙන්වන්න පුළුවන්. මේ වෙලාවේ කළ යුතු හොදම දේ අපි ඇමරිකාව එක්ක සාකච්චා කළ යුතුයි. අපි ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කළ යුතුයි. එහෙම අපි නිර්මාණශීලී විය යුතුයි. මේක වෙන්න කලින් මම මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුවේදී ඇහුවා. එතකොට අනිල් ජයන්ත කිව්වේ මාස දෙකකින් උත්තර දෙන්නම් කියලයි.

අපි විශාල බඩු ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනව. මේ ආකාරයටයි සිංගප්පූරුව ජපානය දියුණු උනේ. ඉස්සර ලෝකයට ම ගැහුවේ එක බද්ධක්. දැන් ඒක වෙනස් කර තිබෙනවා. එක එක රටවලට එක එක බදු ප්‍රමාණයන් අය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම අපි කියන්නේ මේ ණය ගෙවන්න පුලුවන් වන්නේ අපනයනය හරහායි. හැබැයි හැම එකමටම පිළිතුර IMF එක ම නෙවෙයි.

ඉන්දියාවෙ අගමැතිතුමා ආවා, ඒ ගැන අපි සතුටු වෙනවා, නමුත් මෝදි ඇවිත් පන්ති පහ ඉගෙන ගත්තා ද නැත්නම් එහේ දේවල් අපේ ආණ්ඩුවට ඉගැන්වුවාද කියලා ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ ඉන්දියාව එක්ක සමීපව වැඩ කරන්න ඕන. දැන් අදානිගේ ප්‍රශ්නය යට ගහන්න හොද නෑ . නමුත් මේ රටේ බලශක්තිය ගැන හිතන්න ඕන. මොනවා කිව්වත් අදානිගේ ක්‍රමය තුළ පවර් ලයින් එකක් ගේන්න හදනවා. එදා සාම්පූර්වලට විරුද්ධ වෙච්ච අයම මෝදි ගෙන්වා මේ දේවල් කිරීම ගැන අපි සතුටු වෙනවා. අපි අලුතින් හිතන්න ඕන. මේ රජයේ නිලධාරීන්ට පමණක් ආර්ථිකය හසුරවන්න නොදිය යුතුයි.

සයිබර් ආරක්ෂණය පිළිබඳ සිතිය යුතුයි.ඩිජිටයිල්ශේෂන් ගැන ගැටලුවක් තිබෙනවා. අපේ රටට සයිබර් ආරක්ෂණ ක්‍රමවේද අවශ්‍යයි. සයිබර් සිකුරිටි එක ගැන මේ ආණ්ඩුව හිතන්න ඕන.”

ඒ අනුව එදා හැමදේටම විරුද්ධ වෙච්ච අය අද ආණ්ඩු කරමින් සිටින අතර මේ වන විට දූෂණයත් නැති පෙළපාලිත් නැති පසුබිමක රටට ආයෝජන ගෙන්වාගැනීමට හැකි බවයි මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ.

රට තුළ නිෂ්පාදනය ඇතිකර අපනයන ආර්ථිකයක් ඇති කළ යුතු බව හෙතෙම අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...