විදේශ ශ්‍රමිකයින්ට මුවාවී මනූෂ ගහපු ගේමක් එළියට.යෝෂිතත් ඈදෙයි!

Date:

කොළඹ LNW:ආර්ථික අර්බුදය හමුවේ වාහන ආනයනය අත්හිටුවා තිබුණු පසුබිමක කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනුෂ නානායක්කාර මහතා කටයුතු කළ සමයේ බලය යුතු ලෙස යොදා ගනිමින් වාහන 4 ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

විදේශ ශ්‍රම්කයින්ට වහනයක් ගෙන්වා ගැනීමට ලබා දුන් බලපත්‍රය අයුතු ලෙස යොදා ගනිමින් එම වාහන 4 නිදහස් කරගෙන ඇති බවටයි රජයේ විගණකාධිපතිට නිරීක්ෂණය වී ඇත්තේ.

දවසකට දෙකකට විදෙස් සංචාරවල නියැලෙන්නන් විදෙස් ගත රැකියා කරන්නන් සේ සලකා එම බලපත්‍ර නිකුත් අකර ඇති අතර ඉන් එකක් එනම් BMW මෝටර් රථයක් යෝෂිත රාජපක්ෂ නිදහස් කර ඇති බවයි කෝපා කමිටුවේදී හෙළිවුණේ. තවත් BMW මෝටර් රථයක් චානුක උපේන්ද්‍ර රත්වත්ත නැමැත්තාට පවරා ඇති බවද කෝපා කම්ටුවේදී අනාරවරණය විය.

වාහන ආයනයන නතර කර තිබුණු කාලයක, සාමාන්‍ය ජනතාවද වහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටි කාලයක යම් කිසි කණ්ඩායමකට පමණක් එම අවස්ථව ලබා දී තිබීම තුළ එම බලපත්‍ර අවභාවිත වී ඇති බවට විගණකාධිපති පෙන්වා දී ඇත.

මතු වූ ප්‍රශ්නකාරී තත්ත්වයට එවකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ නිලධාරිනියක කෝපා කමිටුවට පැවසුවේ

”වාහන ආනයනය නවත්වල තිබුණට වාහන ආනයන හිමිකම ලබාදීමට රේගියුලේෂන් එකක් නිකුත් කරලා තියෙනවා. ඒ රේගියුලේෂන් එක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ රේගියුලේෂන් එක අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඒක අනුමත කරලා තියෙනවා. නමුත් මේ ස්කීම් එක ඇතුලේ මොන මොන දේ වුණාද කියන එක මම දන්නේ නැහැ.” යනුවෙනි.

කෙසේවෙතත් අදාළ වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් රේගුව සතුව දත්ත පවතින හෙයින් ඊට අදාළ වාර්තාවක් ලබා දිය හැකි බවයි කෝපා කමිටුවට කැඳවා තිබුණු රේගු නිලධාරියෙකු පැවසුවේ.

එහිදී රේගුව අවධාරණය කර පැවසුවේ විශේෂ අවසරය මත හැර වාහන ආනයනය තහනම් කර තිබුණු කාලයේදී කිසිම වාහනයක් ගෙන්වීමට අවසර නොදුන් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්

කොළඹ LNW:ජනාධිපති ධූරය වෙනුවෙන් තමන්ට සුදුසුකම් ඇති බවට විශ්වාස...

ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ සැලස්මක්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සුදාට එරෙහිව වාරණ නියෝගයක් !

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව...

Radoslav Cernicky ඇහෙන්, දකිමු ලෝකයක්!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW): 2019 සෝනි ලෝක...