අපි එනකොට සංචිත ඩොලර් මිලියන 20ක් නෑ. දැන් අම්මාපල්ලා තියෙනවා 6190ක් – ඇමති නලින් බොරු පිඹියි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම ආණ්ඩුව බලයට පැමිණෙද්දී මහා භාණ්ඩාගාරය සතුව ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්වත් නොතිබුණු බවත් ගතවූ මාස හතර තුළ සංචිත ඩොලර් මිලියන 6190ක් දක්වා ඉහළ නැංවීමට තම ආණ්ඩුවට හැකිවුණු බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“සමහර කට්ටියට දැන් තදියම් වෙලා තියෙනවා. ආණ්ඩුව හැදුවෙ නොවැම්බර් 21, අදට මාස 4යි දින 14යි. හැබැයි අපට සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකරපු දැවැන්ත අඩි තියලා හොඳ ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා මේ මාස හතරට විතරක්. අපි එනකොට භාණ්ඩාගාරයේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතිව තිබුණේ. දැන් අම්මාපල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190 ක්. ගහපු අප්පුඩිය නම් සැර මදි වගේ. ඩොලර් මිලියන 20ක් නැති තැනක 6190ක් ගත්තට පස්සෙ නිකම් උළු කැට දෙකක් තුනක් පහළට වැටෙන්න ගහන්න එපැයි හත් ඉලව්වේ ගාල්ලෙ අපි අප්පුඩියක්”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 07) ගාල්ලේදී පැවති මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ මෙම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් වන අතර ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ 2024 නොවැම්බර් මාසය වෙද්දීත් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6472 ක්ව පැවතිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...