ඉරානය හා ඇමරිකාව අතර න්‍යෂ්ටික සාකච්ඡා ඕමානයේදී

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ, එළඹෙන සෙනසුරාදා (12) ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මැද පෙරදිග ඇමරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් හමුවන බවත්, ඕමානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවත්ය.

ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව සෘජු සාකච්ජා ආරම්භ කරන ලෙස ඉරානයට නිවේදනය කළ අතර ටෙහෙරානය එය ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ නමුත් ඊයේ(07)දිනයේදී ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ වාර්තාකරුවන්ට ප්‍රකශ කර තිබුණේ, න්‍යෂ්ටික සාකච්ජා සෙනසුරාදා ආරම්භ කිරීමට සුදානම් බවත්, ඉරානයේ න්‍යෂ්ටික අවි තිබිය නොහැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...