රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක් CID අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය බුද්ධි සේවයට (SIS) අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ කොස්තාපල්වරයෙක් බවයි පොලීසිය පවසන්නේ.

2018 වසරේදී වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

අදාළ ඝාතනය සම්බන්ධ විමර්ශනවලදී මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා විමර්ශන නොමග යවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...