ආස දේ නොව ගැළපෙන දේ තෝරන්න!

රෂිකා හෙන්නායක අප්‍රේල් 11 කොළඹ LNW :

නිවැරදි තොල් ආලේපන වර්ණයක්  තෝරා ගැනීමට ඔබ අසමත් උනොත් ඔබට බොහෝ අපහසුතා වලට මුහුණ දීමට සිදු වෙනවා කීකීවොත් මා නිවැරදියි . මන්ද, අද කාලයේ ඕනෑම වර්ණයක් ලබාගැනීමේ පහසුව තිබෙන නමුත් එම බොහෝ වර්ණ ඔබේ සමට නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම  සමහර වර්ණ ඔබේ සමෙහි වර්ණය හා ගැලපී වැඩි ලස්සනක් එකතුකරන්නත් පුලුවන් .

මේ තියෙන්නෙ  ඒ ඒ සමට ගැලපෙන වර්ණයි.

  • ලා පැහැති සමට – රෝස, රතු           
  • තළෙළු සමට- දුඹුරු, රතු 
  • තද පැහැති සමට- තැඹිලි, රතු පැහැයට හුරු දුඹුරු  
  • සාමාන්‍ය දීප්තිමත් සමට-   රෝස, දම්

අද ඉදන් හැමවිටම සමේ වර්ණයට ගැලපෙන තොල් ආලේපන තෝරා ගැනීමේදී මේ මග පෙන්වීමට අනුව ඔබේ සමේ වර්ණයට අදාල තොල් ආලේපන තෝරා ගන්න විමසිලිමත් වන්න..

Luxury Beauty

ඔබ නව වර්ණයක් අත්හදාබලන්න කිසිම තහනමක් නැහැ. සමහරවිට ඔබ හිතන්නෙ නැති වර්ණයක් වඩාත් ලස්සනවෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය තොල් ආලේපනය මතු පිටින් gloss ආලේපකිරීමෙන් හෝ වෙනත් තොල් ආලේපන වර්ණයක් අලේපකිරීමෙන් ඔබට ගැලපෙන නව වර්ණයක් සකසාගන්නත් පුළුවන්.

Female applying red lipstick, close up

ඒ නිසා මතක ඇතිව තොල් ආලේපන වර්ණ කහිපයක් විශේෂයෙන්ම ඔබේ සමේ පැහැයට හුරු තොල් ආලේපන වර්ණ භාවිතාකරබැලීමෙන් ගැලපෙනම වර්ණය තෝරාගන්න පුළුවන් වේවි .