වසර 51 කට පසු යාපනයේ පැවති මහා කුම්භාභිශේක මංගල්‍යයට අගමැති එක්වෙයි!

Date:

කොළඹ LNW:ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ වසර 51කට පසුව පැවැතුවුණු මහා කුම්භාභිශේක මංගල්‍යයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එක්ව සිටියා.

ස්කන්ධ කුමාර දෙවියන්ගේ පාදස්පර්ශය ලැබූවා යැයි සැලකෙන මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිල යාපනය ජනතාවගේ අභිමානය විදහාපාන මනරම් සිද්ධස්ථානයකි.

ශ්‍රී ලංකාව ආගමික හා සංස්කෘතික විවිධත්වයෙන් යුත් රටක් වීමේ වාසනාව ලද අපි, එම බහු සංස්කෘතික විවිධත්වය තුළින් සමෘද්ධිමත් ඒකීය රටක් ගොඩනැගීමේ බලාපොරොත්තුව පෙරදැරිව සිටින බවයි අගමැතිවරිය සඳහන් කරන්නේ.

එලෙස උදාවෙන නව පුනරුද යුගය තුළ සියලුදෙනාගේ ආගමික හා සංස්කෘතික නිදහස තහවුරු කරමින් කිසිදු පීඩාවකින් තොරව ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනය උදෙසා මෙවන් සුවිශේෂී ස්ථාන රැක ගැනීම අප සැමගේ වගකීමක් බවත් මේ නව යුගය තුළ උතුරේත් දකුණේත් සංස්කෘතික හර පද්ධතීන් එක ලෙස රැකගැනීමේ වගකීම කිසි විටෙකත් අපි අමතක නොකරන බවත් ඇය පවසයි.

ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ රාජ රාජ ශ්‍රී රත්න සභාපති කුරුක්කල්තුමා , මහා රාජ රාජ ශ්‍රී ඤාණ ස්කන්ධ කුරුක්කල් තුමා සහ දර්ශන සිවසුම කලානිදි වෛද්‍යසු කුරුක්කල් ඇතුළුව මහා කුම්භාභිශේක මංගල්‍ය වෙනුවෙන් සම්බන්ධ වූ දෙස් විදෙස් කුරුක්කල් තුමන්ලාගේ ආශිර්වාද ලබා ගැනීමේ භාග්‍ය ලද බව අගමැතිවරිය තවදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...

දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ...

East India Holdings උතුරේ ආර්ථිකය නගාසිටුවීමට අතහිත දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : කලාපීය සංවර්ධනය සඳහා...