ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝකයේ රටවල් ගණනාවකට පැනවූ නව තීරුබදු දින 90කට තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ජාතික ජන බලවේගය කළ ඉල්ලීමකට අනුව බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
“සජිත් මහත්තයාටත් පුළුවන් පෝලිමේ ගිහින් දළදා වඳින්න, මේ පාර VIP නෑනෙ. දැන් මොනවා හරි පුංචි දෙයක් හොයාගෙන එදාවේල ටුවර් එකක් ගත කරන්න තමයි විපක්ෂයට වෙලා තියෙන්නෙ. පක්ෂයකුත් නෑ, සංවිධානයකුත් නෑ. ඒගොල්ලො ලොකු බලාපොරොත්තුවක හිටියා ගිය සතියේ, මොකක්ද ? හොඳ ජවයකින් ගිය සතියේ නැගිට්ටා, ඇයි ඒ ? ඒගොල්ලො බලාපොරොත්තු වුණා ඇමරිකාව ගහපු බද්ද නිසා මේ සතියේ ඉඳලා ඇඟළුම් කර්මාන්ත ටික වැහිලා යයි කියලා. කාලකන්නි බලන් හිටියෙ ඒක. ඒකට අපි අවශ්‍ය කරන ඉල්ලීම කරලා තිබ්බා. ඒ නිසා දැන් අපට දවස් 90ක කාලයක් ඇවිත් තියෙනවා සාකච්ඡා කරන්න”
චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (10) හෝමාගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.
