සමාජවාදය සහ ධනවාදය ….

Date:

ධනවාදය යනු ප්‍රායෝගිකව යතාර්තයේ පවතින ආර්ථික දේශපාලන ක්‍රමවේදයකි..

සමාජවාදය යනු අහසේ පවතින තාක් අලංකාරව පවතින සහ මහපොලොවේ පැලකිරීමට ගිය සැනින් මහා විනාශයන්ගෙන් කෙලවරවන යුටෝපියාවකි..

ධනවාදී ආර්ථික ක්‍රියාවලිය තුල ආර්ථිකයේ අන්තර සඹඳතා සකස්කර දෙන්නන් සිටී.. එහිදී ඔවුන් සිය කාර්‍ය වෙනුවෙන් යම් කොමිෂන් එකක්ද ගනී.. ඇත්තෙන්ම බැංකු විසින් කරන්නේද එකී කාර්‍ය්බාරයමය. (බැංකු තැන්පත්කරුවන්ගේ මුදල් ආයෝජකයන්ට ලබාදී අතර මැද සිට කොමිෂන් මුදලක් අයකර ගනී..)

සමාජවාදය තුල මේ කොමිෂන් ලබාගැනීම මහා අපරාධයකි..සමාජවාදය තුලදී ඔවුන්ව කොමිස් කාක්කන්, කොමිස් දූෂිතයන් ලෙස නම් කෙරේ..

අල්ලස යනුවෙන් අප හඳුන්වන දෙයටද ධනවාදය තුල යම් කාර්‍ය්බාරයක් ඇත. අල්ලස යනු දිරිදීමනාවක් වැන්නකි.. අල්ලස ගන්නා අල්ලස ලබා දුන් පුත්ගලාට අදාල කාර්‍ය කිරීම සම්බන්ද බැඳීමක් ඇතිවේ.. බොහෝ විට අල්ලස නැති තැන වැඩක වගකීමක් ගන්නෙක්ද නැත, වැඩක් වෙන්නේද නැත..

මෙහිදී ධනේශ්වර නීතිය පවතින්නේ සමස්ත ආර්ථිකට හානිවෙන පරිදි අල්ලස ක්‍රියාත්මක වන විට එය පාලනය කිරීමට පමණි..ඒ මිස අල්ලස ගත් පුත්ගලයාට මරණ ඳඩුවමදී අල්ලස සපුරා නැතිකිරීමට නොවේ.

සමාජවාදය තුල කොමිෂන් ගන්නේද නැත වැඩක් වෙන්නේද නැත. ඒ නිසාම ව්‍යාපාර අන්තර් ගනුදෙනුද දුර්වල වේ… එහිදී අනිවාර්යයෙන්ම ආර්ථිකය ඇන හිටී..

ධනවාදය තුල කොමිෂන් ගැනීම සිදුවේ.. එසේම වැඩක් කරදී අප අල්ලස යනුවෙන් හඳුන්වන සන්තෝසම්ද ලබාගනී.. ආර්ථික ක්‍රියාවලියද සක්‍රීය වෙයි.. එසේම මිනිසුන්ට කන්න බොන්නද ලැබේ..

සමාජවාදය තුල කොමිෂන් නැත, වැඩක් කරදී සන්තෝසම් ලබාගත නොහැකිය..සියල්ල රජයේ ආදිපත්‍යය යටතට ගෙන වැඩේ අනාගනී. (පරපුටු දේශපාලන සහ නිලධාරීන් තන්ත්‍රයක් පමණක් වැඩේ) අවසානයේ ආර්ථික ක්‍රියාවලියද මන්දගාමී වී කඩාවැටේ.. සාගතය රජයයි.. කයිය පමණක් නැගලා යයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...