තරුණ තරුණියන්ට කන්නට ගෙදර බත් මුට්ටිය ඔසවාගෙන ආපු මිනිස්සු හිටියා.
අද උදේ හතරයි දහයේ ඉදන් මිනිස්සු කතා කරනවා. ගෙදර තමන්ට ලබන සතිය කන්න තිබ්බ දේවල්, කඩෙන් ගන්න පුළුවන් හොඳ කෑමටික මිනිස්සු ගෙනවා.
චූන් පාන් කරත්තය නවත්තලා පුතාලා ඇති තරම් ගන්න කිව්වා. කවුරුවත් ගත්තේ නෑ. අන්තමට මම බනිස් පහලොවක්, පාන් රාත්තල් දෙක තුනක් ගත්තාම කිව්වා මගේ පුතත් උදුල් ප්‍රේමරත්න එක්ක දවස් දහයක් හිරේ හිටියා කියලා.
මේ විනාශ කළේ එහෙම ගෙනාපු කෑම ටික.
මම කිව්වා අරගෙන ගිහින් විකුණ ගන්න අපිට ඇති කියලා. මිනිහා කියනවා, නෑ මම ගාලුමුවදොරට ගිහින් දෙන්නම් කියලා.
මේවා මේ මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරපු දේවල් මිසක් හොරකම් කරපු සල්ලි නෙවෙයි. අද රාජගිරියේ බත් පැකට් එකක් ගන්න කඩයක් නෑ. උදේ ට කන්න කඩයක් නෑ. එහෙම තියෙද්දි තමයි මේ කෑම හට් ටිකට මෙහෙම වතුර ගහලා විනාශ කලේ.
තව සතියකින් දෙකකින් රටටම කන්න නැති වෙනවා. ඒක හැමෝම දන්නවා. හැබැයි මිනිස්සුන්ට තිරිසන් විය හැකි සීමාවක් තියෙනවා. අද ඒ සීමාව පැන්නා.
මම මගේ ජීවිතේ අවුරුදු 31 ක් කඳුළු ගෑස් ගහනවා දැකලා තියෙනවා. කඳුළු ගෑස් කාලා තියෙනවා. කොළඹ වැඩිපුරම කදුළු ගෑස් ගැහුවේ ‘ලාෆීර්‘ එස්.අයි මහත්තයා. මිනිහා ගහන්න ඉස්සර වෙලා කියනවා තව විනාඩි පහකින් ගහනවා. ඔය ලෙඩ්ඩු ටිකට පස්සට යන්න කියනවා කියලා.
මිනිස්සුන්ට තිරිසන් විය හැකි සීමාවක් තියෙනවා. අද ඒ සීමාව පැන්නා.
- කීර්ති තෙන්නකෝන්
RN