යුක්රේනයේ සුමි නගරයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයන් 34 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ඊසානදිග සුමි නගරයට එල්ල වූ රුසියානු බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ක්‍රිස්තියානි ශුද්ධ සතියේ පළමු දිනය වන පාම් ඉරිදා සැමරීමට ජනතාව එක්රැස් වූ අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මරණ සංඛ්‍යව තවදුරටත් ඉහල යා හැකි බවයි යුක්රේන සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ,

සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් එක් කරමින් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කර තිබුණේ, “යුද්ධය අවසන් කිරීමට සහ ජනතාවට ආරක්ෂාව සහතික කිරීමට රුසියාවට පීඩනයක් එල්ල කළ යුතු බවයි.’

මේ සම්බන්ධයෙන් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ යුක්රේනය පසුගිය දින කිහිපය තුළ රුසියානු බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බවත්, රුසියානු හමුදා යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ යෙලිසාවෙටිව්කා ගම්මානය අල්ලා ගත් බවත්ය.

රුසියාව දැනට නැගෙනහිර සහ දකුණේ රටේ භූමි ප්‍රමාණයෙන් සියයට 20 ක් පමණ අල්ලාගෙන සිටින අතර රුසියාව නව ප්‍රහාරයකට සුදානමින් සිටින බවට යුක්රේනය අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...