වැඩිහිටියන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 14 කොළඹ LNW :

අස්වැසුම අප්‍රේල් මස ප්‍රතිලාභී දීමනාව අද සිට එම ප්‍රතිලාභීන්ට සිය බැංකු ගිණුම මගින් ලබා ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.    

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජයරත්න මහතා පැවසුවේ., ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් දා හත් ලක්ෂ 37,141 දෙනෙකුට මෙන්ම එම ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් පන් ලක්ෂ 80,944 දෙනෙකුට සිය අප්‍රේල් මස දීමනාව ලබා ගත හැකි බවයි .

ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 15යි දශම 5යි 3කි.

අප්‍රේල් මාසයේ සිට වැඩිහිටියන් සඳහා ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ දැමුණි.

ඒ අනුව එලෙස වැඩිකරන ලද දීමනාවද අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ට මෙම මාසයේ සිට ගෙවීමට කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...