මේක සම්පූර්ණයෙන්ම බොරුව රජ කරන යුගයක්. ආණ්ඩුව පච කීමෙන් ලෝක වාර්තා තියලා – විපක්ෂ නායක සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමෙන් විදුලි බිල් අඩුකරන බව කියමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට තාප බලාගාර මාෆියාවේ සන්තෝසම්වලට යටවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“වර්තමාන රජය බලයට ආවෙ පොදු ජනතාව සුරකින, ජනතාව ජීවත් කරවන, බඩුමිල අඩුකරන යුගයක් නිර්මාණය කරනවායි කියලා. එහෙම කියලා ඇවිත් පාසල් උපකරණවලටත් VAT එක ගහනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් VAT එක ගහනවා. කියපු ආකාරයට 33% කින් විදුලි බිල අඩුකරලා නැහැ. කෝ අඩුකරනවා කියපු ඉන්ධන මිල ? ඒක ඉෂ්ට කරලාත් නැහැ. පුදුම දුකකින් අපේ රටේ ජනතාව ජීවත් වෙන්නෙ. දූ දරුවන් විශාල ප්‍රමාණයකට එදිනෙදා වේල් තුන කන්න ලැබෙන්නෙ නෑ. එන්න එන්නම දුප්පත්කම වැඩිවෙලා. අඟහිඟකම්වලින් පිරිච්ච රටක් අද නිර්මාණය වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම බොරුව රජ කරන යුගයක්. හොඳටම පච කියන ආණ්ඩුවක්. පච කීමෙන් ලෝක වාර්තා තියලා තිබෙනවා. විදුලි බිල අඩුකරන්න හොඳම දේ තමයි පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම. මැතිවරණ කාලේ වේදිකාවක් වේදිකාවක් පාසා පොරොන්දු වුණා සුළං විදුලියට, ජල විදුලියට, සූර්ය විදුලියට මුල්තැන දෙනවා කියලා. එහෙම කියලා අද තාප බලාගාර විදුලි මාෆියාවට මේ රජය යටවෙලා. ඩොලර්වලට යටවෙලා, සන්තෝසම්වලට යටවෙලා. පුනර්ජනනීය බලශක්තිය වෙනුවට අධික මිලකට නිපදවන තාප බලාගාර විදුලි මාෆියාව මේ ආණ්ඩුව හිරකාරයෙක් කරගෙන. තව කොච්චර කාලයක් මේ බොරුවට ඔබ යටවෙනවාද ? එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඔබට තියෙනවා හොඳ අවස්ථාවක් පච වමාරන ආණ්ඩුවට රතු එළියක් පත්තු කරන්න”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා මීගමුව ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...