විජේවීර ඝාතනය : තෝරදෙණිය ඔන්ලයින් පනතෙන් පැමිණිලි කර ඉන්ද්‍රානන්දට එරෙහිව වාරණයක් ගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද ද සිල්වා තමන්ට එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයෙන් සහනයක් ඉල්ලා සිටි බව විශ‍්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය පවසයි.

“යුධ හමුදා පොලීසියේ රාජකාරි කරනකොට ඒ කාලය තුළ ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද ද සිල්වා එම රෙජිමේන්තුවේ රාජකාරි කළා ඡායාරූප ශිල්පියෙක් ලෙස. ඉන්ද්‍රානන්ද ද සිල්වා සේවයේ යෙදී සිටියදී කරපු වරදවල් කිහිපයකට යුද්ධාධිකරණයක් ඉදිරියට පමුණුවලා අවුරුදු 15ක සිර දඬුවමක් ලැබිලා පසු කාලයක ඔහු එයින් නිදහස් වුණා. නිදහස් වුණාට පස්සේ නොයෙකුත් ආකාරයේ සාවද්‍ය බොරු චෝදනා රූපවාහිනී මාර්ගයෙන්, යූටියුබ් මාර්ගයෙන්, මුද්‍රිත ප්‍රවෘත්ති පත්‍ර මාර්ගයෙන් මට චෝදනා කරනවා මියගිය ජවිපෙ නායක රෝහණ විජේවීර මහතාගේ මරණයට මම සම්බන්ධ බවට. එයින් මගේ ජීවිතයටත් මගේ දරු පවුලටත් ලොකු තර්ජනයක් වෙලා තියෙන්නෙ. ඒ නිසා මම හිතුවා මෙයට සහනයක් ලබාගන්න ගරු අධිකරණයට ඇවිල්ලා ඉල්ලා සිටින්නට”

මෙම ඉල්ලීම ඊයේ (අප්‍රේල් 16) දිනයේදී සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශ විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය පළ කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව මෙම කොන්දේසි සහිත වාරණ නියෝගය පනවා ඇත්තේ අප්‍රේල් 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි ය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ මෙම පැමිණිල්ල කර ඇති බවයි අශෝක තෝරදෙණිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුදත් ජයසුන්දර ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...