පොලිස් තාක්ෂණ කොට්ඨාශයෙන් දළදා වන්දනාවට පහසුකම් රැසක්!

Date:

කොළඹ LNW:වාහන ගාල් කිරීම, පොලිම්වල දිග ඇතුලුව සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය තොරතුරු රැසක් www.police.lk වෙබ් පිටුවේ සිරි දළදා වන්දනා කොටස තුළ අන්තර් ගත කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ මෙහෙයවීම මත මෙම තාක්ෂණික සේවාව සපයා ඇතැයි ඒ මහතා කීවේය.

මෙම වෙබ් පිටුව තුළ සැහැදැවතුන් රැදි සිටින පොල්ම්වල දිග, වාහන ගාල් තුළ තවත් වාහන කොපමණ ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ පවතී ද, පොලිසියෙන් නිකුත් කරන විශේෂ නිවේදන, දළදා දැක්ම කාල සටහන්, පොලීිසිය කඩිනමින් සම්බන්ධ කර ගත හැකි දුරකථන හා වට්ස්ඇප් අංක යනාදිය අන්තර්ගත යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

නිතරන්තරයෙන් මෙම වෙබ් පිටුව යාවත්කාලීන කරන බවත් එබැවින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන් පෝලිම් සඳහා එක්වීමට ප්‍රථමයෙන් පිටුව පරිශීලනය කිරීම වඩා සුදුසු යැයි ඒ මහතා කීවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...