විපක්ෂයේ කැත හොරහිත. මම එහෙම දෙයක් නෙවෙයි කිව්වේ – සල්ලි නොදෙන කතාව ගැන ජනපති කරුණු පැහැදිලි කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි නොවන ප්‍රාදේශීය සභාවල සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීමේදී සිදුවිය හැකි දේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි පැහැදිලි කිරීමක් සිදුකළේය.

“අප හැර වෙන පක්ෂයක් තියෙනවා නම් කියන්න. පක්ෂයක නමක් තියෙනවා නම් කියන්න. ඔක්කොම ඉවරයි. නායකයෙක් කියන්න. නෑ හොඳේ හරිද ? ඒ හින්දා මේ ප්‍රාදේශීය සභා ආණ්ඩුවත් එක්ක සමගාමීව හදන්න ඕනෙ. මේ දවස්වල මම බලාගෙන, අපි දිනන්නෙ නැති සභාවලට මම සල්ලි දෙන්නෙ නෑ කිව්වා කියලා ලොකූ ඝෝෂාවක් තියෙනවා. මම කියන්නේ අපි දිනන්නෙ නැති සභාවලට දෙන්නෙ නෑ කියලා නෙවෙයි. මම කියන්නෙ මොකක්ද ? මධ්‍යම ආණ්ඩුව නාස්ති නොකර, හොරකම් නොකර, ඉතාමත් වෙහෙස දරලා භාණ්ඩාගාරයට සල්ලි එකතු කරනවා. ලේසි නෑ හොඳේ. හරි පරෙස්සම් කරලා සල්ලි ටික ගේනවා. ගෙනාපුවාම, නුවර එළිය නගර සභාවෙ ඉන්නවා හොරු කණ්ඩායමක්. අපි අරහෙන් සල්ලි එකතු කරලා මෙහෙට දෙන්න ඕනෙද ? මම කියන්නෙ ඕක. වෙන අය ගත්තොත් මොකක්ද වෙන්නෙ ? මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නෙ නෑ, ප්‍රාදේශීය සභා හොරකම් කරනවා. මධ්‍යම ආණ්ඩුව නාස්ති කරන්නෙ නෑ, ප්‍රාදේශීය සභාව නාස්ති කරනවා. මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා, ප්‍රාදේශීය සභාව කකුලෙන් අදිනවා. මධ්‍යම ආණ්ඩුව එක් රැස් කරගත්ත සල්ලි දැන දැන හොරකම් කරන්න දෙනවාද ? දෙන්න ඕනෙද ? නෑ … ඉතින් ඕකනෙ කියන්නෙ. එතකොට ඒගොල්ලො කියනවා ඒගොල්ලො බලයට ආවාම දෙන්නෑ කිව්වා කියලා. හරි ඉතින්. කැත හොරහිත තියෙන්නෙ හොඳේ. හොරහිත නැත්නම් ඒක එහෙම තේරුම් ගන්නවාද ? ආ … ඒගොල්ලො කියන්න ඕනෙ එහෙනම් අපි හොරකම් කරන්නෙත් නෑ, අපිට දෙන්න කියලානෙ. එහෙම කියන්නෙ නෑ. ඒගොල්ලො ආවාම දෙන්නෑ කිව්වා ලු මම. ඒගොල්ලොන්ට ආණ්ඩුවක් කරන්න ඕනෙ කියලා හිතෙනවා නම් අපි කරන දේවල්වලින් ඉගෙනගෙන ආණ්ඩුවක් කරන්න ලෑස්ති වෙන්න”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 19) තලවාකැලේ ප්‍රදේශයේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

මාලිමාවට බලය ලැබෙන ප්‍රාදේශීය සභා සඳහා දෑස් පියාගෙන මුදල් ප්‍රතිපාදන ලබාදෙන නමුත් මාලිමාවට බලය හිමි නොවෙන සභා සඳහා මුදල් වෙන් කිරීමේදී දස වතාවකට වඩා සලකා බලන බවට ජනාධිපතිවරයා විසින් මීට පෙර මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණු අතර එම ප්‍රකාශ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත් කර ඇති පසුබිමක ජනාධිපතිවරයා මේ කරුණු පැහැදිලි කිරීම සිදුකළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...