ජනාධිපති අනුරගේ කයිය විතරයි, පොරොන්දු වුණ කිසිවක් ඉටු කරන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණ හා මහමැතිවරණයේදී පොරොන්දු රාශියක් ඉදිරිපත් කළත් ඒවා ඉටු කරන්නට නොහැකි වී ඇති බවත් එයට හේතුව පැය 24ම බොරුව රැවටිල්ල මංමුලා කිරීම පමණක් සිදුකිරීම බවත් මෙසේ බොරු කියා අවසානයේ පළාත් පාලන ආයතනවලට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් යැයි කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට අහස උසට බඩු මිල නැග ඇති බවත් ජනතාවට ජීවත් වෙන්න හැකියාවක් නොමැති බවත් ආදායම් මාර්ග කඩා වැටී දුප්පත්කම වැඩි වී නැතිබැරි කම වැඩි වී ලක්ෂ සංඛ්‍යාත ජනතාවට වේල් තුනවත් පිරිමහගන්න බැරි බවත් සොච්චම් මුදලක් දුන්නා කියා දුප්පත්කම තුරන් නොවන බවත් අප රටට දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (අප්‍රේල් 19) පොතුවිල් නින්දවූර් මැතිවරණ බලප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ය.

අප රටේ ගොවිතැනේ නියැළෙන ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත් කුඹුරු වැඩපටන් ගත්තත් තවමත් පොහොර සහනාධාරය නොමැති බවත් අද⁣ රටේ හාල් මිල වැඩි වී පොල් හිඟය ඇති වී කිරිපිටි හා ලුණු හිඟයක් පවා ඇතිව තිබෙන බවත් මේවා කරන්න බැරි ආණ්ඩුව රටේ ජනතාව ශක්තිමත් කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව දක්ෂ වැඩ කරන්න නෙවෙයි පච කියන්න

මේ ආණ්ඩුව දක්ෂ වැඩ කරන්න නොව බොරු කියන්න පච කියන්න දක්ෂ බවත් පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ රජය පලස්තීන ජනතාව වෙනුවෙන් හඬ නැඟු තරුණයකු පවා ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගත් බවයි.

කෝ මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ?

ලෝක ප්‍රජාව පවා පලස්තීන හා ඊශ්‍රායල් රටවල් දෙක සාමකාමීව සිටිය යුතු යැය් පිළිගත්තත් අප රටේ වත්මන් ජනාධිපතිවරයා පලස්තීන ජනතාව වෙනුවෙන් තරුණයකු ස්ටිකරයක් ඇලෙව්වා කිවා එම තරුණයාව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝග දැමු බවත් මෙරට ජනතාවට පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අයිතිවාසිකම් ඇති බවත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් එම නිසා මෙවැනි දේවල් අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related