ජනාධිපති පුටින් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැය 30ක ඒකපාර්ශ්වික පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර යුක්රේනයටද එය අනුගමනය කරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අද(20)උදැසන හදිසි නිවේදනයක් නිකුත් කරමින්, මානුෂීය හේතූන් මත යුක්රේනයට එරෙහි යුද්ධයේ ඉදිරි පෙළ දිගේ සියලු හමුදා ක්‍රියාකාරකම් නවත්වන ලෙස ජනධිපති පුටින් තම හමුදාවන්ට නියෝග කර ඕතඩොක්ස් පාස්කු දේව මෙහෙයට සහභාගී වී තිබේ.

ඊයේ දිනයේදී(19) එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් ඉදිරි දිනවලදී රුසියාව හා යුක්රේනය සාමය වෙනුවෙන් ඉක්මන් තීරණ නොගන්නේ නම් එක්සත් ජනපදය යුක්රේන යුද්ධයේ අතරමැද කරුවකු වශයෙන් කටයුතු කිරීම නවතා දමන බවත්, එක්සත් ජනපදයට අවධානය යොමු කළ යුතු වෙනත් කරුණු පවතින බවත්, සඳහන් කිරීමෙන් පැය කිහිපයකට පසුව ජනාධිපති පුටින් මෙම හදිසි සටන් විරාමය ප්‍රක්ෂයට පත්කර තිබේ.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ, රුසියාව සටන් කිරීම නැවැත්වීමට කැමැත්තෙන් සිටින බවට යම් ලකුණක් ධවල මන්දිරට ලබා දීම අරමුකු කරගෙන මෙය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇති බවයි.

මෙම සටන් විරාමය ව්‍යාජ එකක් බව ප්‍රකශ කරමින් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබුණේ, සටන් විරාමය නිවේදනය කිරීමෙන් අනතුරුව රුසියානු හමුදා විසින් ෂෙල් වෙඩි ප්‍රහාර 387 ක් සහ ප්‍රහාර 19 ක් සිදුවී ඇති බවත්, ඩ්‍රෝන යානා 290 වතාවක් භාවිතා කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...

ඔක්කම්පිටිය පොලීසියේ OIC අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ...

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා...

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...