දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට විශේෂ අවධානය!

Date:

කොළඹ LNW:මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරන බව ද ඒ මහතා කිවේය.

දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ සැදැහැවතුන්ට සහන සැලසීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (20) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

ඒ අනුව නගරයට පැමිණෙන සියලු සැදැහැවතුන්ට ආහාර ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ඒ සඳහා ලබා ගන්නා බවත් ඔහු කීවේය.

සහල්, පොල් ඇතුලුව ලබා ගන්නා වියළි සලාක ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් සකස් කොට දන්සැල් ලබා දෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

මේ වන විට විශාල ජනකායක් දළදා වන්දනාව සඳහා මහනුවරට ඇදී එමින් පවතින බව කී දිස්ත්‍රික් ලේකම්වරයා, ඔවුන්ට පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් කුසගින්නේ නොතැබීම තමන් හා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සතු වගකීමක් වන බව ද සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අමතර පහසුකම් හිමිවන බවත් දානපතියන් ඇතුලු විවිධ පාර්ශව උපකාර කිරීමට ඉදිරිපත්වී සිටින බවත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ජංගම වැසිකිළි පද්ධති කිහිපයක් ස්ථාපිත කරන බව ද ඔහු කීවේය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ලලිත් ඇටම්පාවල සහ නිලූකා බුලත්ගේ, මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ,මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතා ඇතලුව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන්...