ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඊයේ (අප්‍රේල් 22) වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා මියගිය බව මුලින් සඳහන් වුවත් ඔහු මියගොස් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.

ඒ අනුව, වෙඩිවැදුණු ඩෑන් ප්‍රියසාද් මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 09.10 ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ නිවසක සිටියදී ඩෑන් ප්‍රියසාද්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

වෙඩිවැදීමෙන් ඩෑන් ප්‍රියසාද් මරණයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය මුලදී මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව පැවසුවේ ඔහු මියගොස් නොමැති බවත් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ය.

සිද්ධියෙන් තවත් පුද්ගලයකු සුළු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සඳහන්.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඩෑන් ප්‍රියසාද් යනු සිංහලේ ජාතික සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයකු වශයෙන් ද කටයුතු කර තිබිණි. ජාතිවාදී ගැටුම් ඇතිකරවීම සඳහා කටයුතු කිරීම, ගෝල්ෆේස් අරගලය භූමියට පහරදීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බේරාගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයකුට බලපෑම් කිරීම ඇතුළු විවිධ චෝදනා කිහිපයක්ම ඔහුට එල්ල වී තිබුණු අතර අවස්ථා කිහිපයකදී අත් අඩංගුවට ද පත්ව තිබිණි. ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා 2022 වසරේදී ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී කඩු සහ මන්නාවලින් පහරදී ඝාතනය කර තිබුණු අතර මත්ද්‍රව්‍ය සහ පාතාලය ඊට සම්බන්ධ බවක් ද කියැවී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...