ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද සිට මහජන ගෞරවයට විවෘත වේ!

0
346

රෂිකා හෙන්නායක

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද සිට මහජන ගෞරවයට විවෘත කිරීමට නියමිත බව රෝමයේ ශ්‍රම සංක්‍රමණිකයින් භාර ආත්මික උපාද්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා පියතුමන් පවසයි. 

පියතුමන් නෙත් නිවුස් වෙත කියා සිටියේ දේහයට ගෞරව දැක්වීම සඳහා දින තුනක් අවස්ථාව ලබාදී ඇති බවයි. 

කෙසේවෙතත් ජනතාවට දේහය දැකගැනීමට නොහැකි වන අතර දේහය තැන්පත් කළ මිනී පෙට්ටිය සම්පූර්ණයෙන්ම වසා තබනු ඇති බව, නෙවිල් ජෝ පෙරේරා පියතුමන් සඳහන් කළේය.