ලබන දෙසැම්බර් වෙද්දී අපි සජිත්ව ජනාධිපති කරනවා!

කොළඹ LNW:ලබන දෙසැම්බර් මාසය වනවිට සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

යළි වරක් බලය රනිල් වික්‍රමසිංහ වෙත යාමට ඉඩ නොදෙන අතර රට පාලනය කිරීමට සමඟි ජන බලවේගයට හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”මම පොරොන්දු වෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා. ඇතිනේ ඒ ටික දැන් හරි.ඒක එහෙම හෙමින් යන්. ඒක නිකම් එයි. අපි ගන්න ඕනි නැහැ. කරන්න බැරි වෙනකොට ඒක දීල යයි. ගෝඨා දෙන්න යනකොට අපේ ලොක්කා ගන්න ටිකක් පරක්කු උනාම මොකක්ද වුණේ? අරය රිංගුවා, රනිල් මහත්තයා.මේපාර දෙන්නේ නැහැ එයාට එහෙම. මේපාර අපිත් බලන් ඉන්නේ,දැනුත් එයා රේඩි වෙලා ඉන්නේ සපත්තු පොලිෂ් කරගෙන හෙට වැටෙයි කියලා. මේපාර එයාට දෙන්නේ නැහැ.මේ රට අරගෙන අපිට කරන්න පුළුවන්” යනුවෙන් කබීර් හෂීම් මහතා පවසයි.

ඔහු ඒඒආ අදහස් දක්වා සිටියේ කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...