රුසියානු ආක්‍රමණයට මාස දෙක හමාරයි – පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ !

Date:

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කර මේ වනවිට මාස දෙක හමාරකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. රුසියානු හමුදා යුක්රේන දේශ සීමා ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදායි.

දින කිහිපයක් තුළ යුක්රේනය යටත් කර ගැනීමේ අරමුණින් යුක්රේනය වෙත පැමිණි රුසියානු හමුදාව යුක්රේනයෙන් ප්‍රතිප්‍රහාර එල්ල වෙතැයි කිසිවිටෙක විස්වාස කළේ නැත. කෙසේ නමුත් යුක්රේන හමුදා තවමත් ආක්‍රමණිකයාට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිය රට ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටී.

ඇමරිකානු CIA සංවිධානය පවසන්නේ රුසියානු නායකයා තවමත් පරාජය බාර ගැනීමට සූදානම්ව නොමැති බවයි. CIA ප්‍රධානී බිල් බර්න්ස් පවසන්නේ මේ වනවිටත් යුක්රේන ප්‍රතිප්‍රහාර හමුවේ සහ එල්ල වන ජාත්‍යන්තර බලපෑම් හමුවේ රුසියානු හමුදා දැඩි පසුබැසීමකට ලක්ව සිටින බවයි.

‘රුසියාව කියන්නෙ න්‍යෂ්ටික බලවතෙක්. යුක්රේන ආක්‍රමණය තවදුරටත් ප්‍රමාද වුවහොත් ඇතැම් විට රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කරන්න පුලුවන්. එසේ නොවෙන්නත් පුලුවන්. ඒක හරියටම කියන්න බෑ. කොහොම උනත් එක දෙයක් පැහැදැලියි, පුටින් කියන්නෙ ලෙහෙසියෙන් පරාජය බාරගන්න සූදානම් කෙනෙක් නෙවෙයි.’ CIA ප්‍රධානියා ඇමරිකාවේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමග පවසා තිබෙනවා.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු හමුදාවට දැවැන්ත හානියක් සිදුව ඇති අතර ජීවිත හානිවලට අමතරව ප්‍රහාරක යානා, නෞකා, යුද ටැංකි විශාල ප්‍රමාණයක්ද අහිමි වී තිබෙනවා. මීට අමතරව ජාත්‍යන්තර සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයටද සිදුව තිබෙන්නේ දැවැන්ත හානියකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...