බංකොලොත් රටක් බාර අරන් මාස 5න් ගොඩදැම්මා. මාස 60න් 60 ට ආයෙ දිගටම බලයට එන්නේ අපිම තමයි – ඇමති මහින්ද

Date:

මින් ඉදිරියට වසර පහෙන් පහට පැවැත්වෙන සෑම මැතිවරණයකින්ම බලයට පැමිණෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩු පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“මේ මාස පහ ඇතුළෙ සමහරු අහනවා මොනවද කළේ කියලා. අපි මොනවද නොකළේ ? බංකොලොත් රටක් බාරගත්තෙ. ආර්ථික වශයෙන් හාන්සි කරලා තිබුණෙ මේ රට. එහෙම ආණ්ඩුවක් තමයි මාස තුනක අයවැයකින් මේ රටේ හැම ජනකොටසක් ගැනම බැලුවේ. මේ ආණ්ඩුවට තියෙනවා තව මාස 55ක්. ඊටපස්සෙ ආයෙ ඡන්දෙ එනවා 2030 වෙනකොට. ඊළඟ මාස 60 ට කවුද බලයට එන්නේ ? මාලිමාව … සද්දෙට කියන්න, මාලිමාව. ඊටපස්සෙ තව මාස 60 කින් තව එනවා ආයෙ ඡන්දයක්. ඒකෙන් කවුද බලයට එන්නේ ? ඒත් මාලිමාව. ආයෙ මාලිමාව ගෙදර යවනවාද ඔබ තමුන්නාන්සෙලා ?”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජා-ඇල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...