ජලභීතිකාව හත් හැවිරිදි සිසුවෙකු බිලිගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජලභීතිකාව වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවෙකු අද (අප්‍රේල් 27) ගාල්ල ජාතික රෝහලේදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හත් හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහුව රෝහල්ගත කර ඇත්තේ පසුගිය 24 වනදා ය.

පසුගිය මාසයේදී නිවසේ ඇතිකරන බලු පැටවකු මෙම සිසුවාගේ මුහුණ සූරා ඇති අතර ඔහු නිවැසියන්ට ඒ පිළිබඳව නොපවසා බිම වැටීමෙන් සිදුවූ තුවාලයක් බව හඟවා ඇති බව සඳහන්.

පසුව එම සිසුවා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගැනීමත් සමග පසුගිය 24 වනදා රෝහල්ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

සිසුවාගේ දේහය මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව දෙමව්පියන්ට භාරදී ඇත.

නිවසේ සුරතලයට ඇතිකරන සතුන් නිසි ආකාරයෙන් ජලභීතිකාව සඳහා එන්නත් කිරීමටත් සතෙකුගේ සපාකෑමකට හෝ සීරීමකට ලක්වුවහොත් වහාම නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමත් අත්‍යාවශ්‍ය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...

හේම කුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී...